ඔයත් ඔයාගෙ Relationship එක ඇතුලෙ රඟපානවද?

ඔයත් ඔයාගෙ Relationship එක ඇතුලෙ රඟපානවද ? සමහර මිනිස්සු චේතාන්විතව මේ වැඩේ නොකලට තමන්ට නොදැනීම කරන්නෙම රඟපාන එක. විශේෂයෙන්ම ඔයා ඔයාගෙ ප්‍රේමවන්තයා හෝ ප්‍රේමවන්තිය ඉදිරියේ අනවශ්‍ය ප්‍රතිරූපයක් මවාපාන්න යන්න එපා. සමහර තරුණ තරුණියන් තමන්ගෙ ආදරය දිනාගන්න , අයිති කරගන්න අවශ්‍ය නිසා එයා ඉදිරියේ රඟපානව. එයා කැමති Attitude තමන් ළඟ තියෙනව කියල එයාට පෙන්නන්න හරිම අමාරුවෙන් රඟපානව. සත්‍ය වශයෙන්ම තමන් තුළ නොපවතින දෙයක් රඟදක්වමින් වෙන කෙනෙක්ට පෙන්නනව කියන්නෙ ඒක මාරම සාර්ථකයි. ඒ රඟපෑම අනිත් කෙනාට දැනෙන්නෙ සත්‍යයක් විදිහටම තමයි. ඔයා තුළ නැති දෙයක් රඟපාල පෙන්නනව කියන එක හරිම පහසු කාර්යයක්. ඔයාට රඟපාන්න තියෙන්නෙ බොහොම පොඩි වෙලාවක්. සත්‍ය වශයෙන්ම තමා තුළ නොපවතින දෙයක් මවා පාල පෙන්නන්න මිනිස්සු හරිම දක්ෂයි. ඒ තාත්වික රංගනයට ඔයාගෙ පෙම්වතා හෝ පෙම්වතිය ක්ෂණිකව අහුවෙනව. අනවශ්‍ය ප්‍රතිරූපයක් නඩත්තු කරනව කියන එක තියෙන්නෙම relationship එකක් පටන් ගන්න කලින් සහ ඔයා එයාව දිනාගන්න උත්සාහ කරන මොහොතේ එහෙමත් නැත්නම් relationship එක පටන් ගත්ත අලුත. relationship එක පටන් ගත්ත මුල් දවස්වල දෙදෙනාගේම තිබෙන ව්‍යාජ ප්‍රතිරූපය මවාපෑම හේතුවෙන් මුල් දවස්වල ඒ relationship එක මාරම interesting and comfortable. පළමු අදියර තුළ ඔයාගෙ relationship එක Smooth විදිහට ගලාගෙන යනව. ඔයා හිතනවද රඟපානව කියන එක එක දිගටම කරන්න පුළුවන් දෙයක් කියල ? මොකද ඔයා රඟපාන්නෙ script එකකට නෙවෙයි. ඔයා රඟපාන්නෙ ඔයාගේ සැබෑ ජීවිතය තුළ. relationship එකක් ඇතුලත ප්‍රශ්න තියෙන එක සාමාන්‍ය දෙයක්. ඉතින් ඔයා ටිකෙන් ටික මේ ප්‍රශ්න වලට මුහුණ දෙනව. ප්‍රශ්න වැඩි වෙනකොට ඔයාට මොකද වෙන්නෙ දන්නවද ? ප්‍රශ්න ඉදිරියේ ඔයාට රඟපාන්න අමතක වෙනව. සහ පීඩනය වැඩි වෙනව. ටිකෙන් ටික ඔයාගෙ සැබෑ ස්වරූපය මතුවෙනව. ටික කාලයක් යනකොට ගොඩක් අයගෙ relationship toxic වෙන්නෙ මෙන්න මේ හේතුව නිසා. ඔයාගෙ පෙම්වතිය හෝ පෙම්වතා ඔයාගෙ මූණටම කියනව ඔයා වෙනස් වෙලා කියල. එහෙමත් නැත්නම් මුලින් හිටපු ඔයා නෙවෙයි දැන් ඉන්නෙ කියල. ගොඩක් පිරිමි ලිංගිකත්වයට කෑදරයි වගේම තමයි ගොඩක් කාන්තාවනුත් ආදරේට හරිම කෑදරයි. පිරිමි ලිංගික අවශ්‍යතාවයන්ට කෑදර නිසා රඟපානව. කාන්තාවන් ආදරයට කෑදර නිසා රඟපානව. සමහර අයගෙ මෙම රංගනය විවාහ ජීවිතය දක්වාම ගලාගන යනව. *ඔබ ලිංගිකත්වයට එතරම් රුචිකත්වයක් නොදක්වන කෙනෙක් නම් ඔබගේ පෙම්වතා හෝ පෙම්වතිය ලිංගිකත්වයට දැඩි රුචිකත්වයක් දක්වයි නම්. ඔබත් ලිංගිකත්වයට දැඩි රූචිකත්වයක් දක්වන කෙනෙක් ලෙස රඟපෑමෙන් වැළකී සිටින්න. ඒ මන්දයත් සැබෑ ජීවිතයේදී එකිනෙකාට නොගැලපෙන හැඟීම් ප්‍රායෝගික කිරීම ඉතාමත් අපහසු බැවිනි. *ඔබ ලිංගිකත්වයට දැඩිව ආශාවක් දක්වන කෙනෙක් නම් ඔබගේ පෙම්වතා හෝ පෙම්වතිය තරමක් දුරට ලිංගිකත්වයට ආශාවක් දක්වන කෙනෙක් නම්. ඔබත් ලිංගිකත්වයට තරමක් දුරට රුචිකත්වයක් දක්වන කෙනෙක් ලෙස රඟපෑමෙන් වැළකී සිටින්න. *ඔබ තරමක් දුරට Traditional type ආගම දහමට , සංස්කෘතියට අනුව පරිසරයක හැදී වැඩුණු කෙනෙක් නම්. ඔබගේ පෙම්වතා හෝ පෙම්වතිය එසේ නොවනවා නම් ඔබත් ඔහු හෝ ඇය ආකාරයට රඟපෑමෙන් වැළකී සිටින්න. ආදරය යන හැඟීමට පමණක් දැඩිව තණ්හා නොකරන්න. ජීවත්වීමේදී ආදරය යන හැඟීම පමණක් ප්‍රමාණවත් නොවේ. මිනිසුන්ගේ හැඟීම් යනු කාලානුරූපව පරිවර්තනය වන ක්‍රියාවලියකි. නව යෞවන කාලයේදී මනුෂ්‍යයාට ආදරය යන හැඟීම පමණක් ප්‍රමාණවත්ය. මධ්‍ය යෞවනයේදී පවුල් ජීවිතය හෝ ආදර සම්බන්ධතාවයක් තුළ ලිංගිකත්වය යනු බෙහෙවින් අත්‍යවශ්‍ය කරුණකි. ජීවිතයේ මධ්‍යම කාලය තුළ ආදරණීය යුවළක් තම දරුවන්ට සහ වගකීම් , යුතුකම් වලට දැඩි අවධානයක් යොමු කරන ආකාරය දැකගත හැකිය. ජීවිතයේ අග භාගයේදී මේ සියලුම දේ නැතත් අවශ්‍ය වන්නේ නිසි අවබෝධයක් පමණි. relationship එකක් තුළ තිබිය යුත්තේ ආදරය පමණක් නොවේ. ආදරයට වඩා තිබිය යුත්තේ අවබෝධයයි. relationship එකක් ඇතුලේ ඉන්න ඔයා කරන්න ඕනි ආදරේ කරන එකම නෙවෙයි. ඔයාට පුළුවන් දැඩි විදිහට Emotion නොවී සම්පූර්ණයෙන්ම එයාව Analyze කරන්න. ඔයාගෙ අනාගතය ගැන හිතල ඔයා කරන්න ඕනිත් ඒ දේ තමයි. ඔයා එයා ඉදිරියේ රඟපාන්න එපා. අනවශ්‍ය ප්‍රතිරූපයක් මවා පාන්නත් එපා. ඔයා ඔයාම වෙන්න. හැකි නම් පමණක් ඔයා එයා විදිහට අනුවර්තනය වෙන්න උත්සාහ කරන්න. එහෙමත් නැත්නම් එයා ඔයා විදිහට අනුවර්තනය කරගන්න උත්සාහ කරන්න. ඔය දෙකම හරි ගියේ නැත්නම් කොයි තරම් ආදරේ වුණත් ඔයා එතනින් අයින් වෙන්න. ඔයාගෙ යාළුවො සතුටු කරන්න , පවුලේ අය සහ නෑදෑයින් සතුටු කරන්න , කෙනෙක් නැතිම නිසා , වයස යන නිසා , සමාජයට අවශ්‍ය නිසා ඔයාගෙ ජීවන සහකරු හෝ සහකාරිය තෝරගන්න එපා. නොගැලපෙන කෙනෙකු සමඟ ජීවිත කාලයම ජීවත් වනවාට වඩා තනිව ජීවත් වීමෙන් ඔබට අවම වශයෙන් මානසික නිදහස හෝ ලැබෙනු ඇත.

Post a Comment

Previous Post Next Post