ස්වයං වින්දනය හොඳයිද ?

අවිවේකී බව නිසාම ගොඩක් කාලෙකින් ලිපියක් ඉදිරිපත් කරන්න පුළුවන් උනේ නැහැ . ඒත් ආයෙත් ස්වං වින්දනය පිලිබදව තවත් ලිපියක් ලියන්න තීරණය කලා. ඒ අපේ පාසැල් වයසේ සහ අවිවාහක තරුනියන් මේ පිලිබදව විමසන කරුණු පදනම් කරගෙන . මෙහිදී අපි කාන්තා ස්වං වින්දනය පිලිබදව කථා කරමු. ස්වයං වින්දනය කියන්නෙ තමා විසින්ම ලිංගික ප්‍රදේශය උත්තේජනය කිරීමෙන් ලබන සුරතාන්තය . හෙවත් උපරිම ලිංගික සතුට . අපිට නිදිමතක් ආවම නිදාගන්නව , කැමති කෑමක් කනවා වගේ තමා යම් ලිංගික සතුටක් ලබන්න ඕන කියල හිතුනම තනියම තම සිරුරෙන් සතුටු වෙන්න පුලුවන්. මේක කාන්තා පිරිමි දෙගොල්ලටම පොදු දෙයක් . මෙයට වයස් භේදයක් ද නැහැ . කුඩා දරුවන් උනත් ලිංගික ප්‍රදේශය ඇදක , කොට්ටයක ඇතිල්ලීම වගේ දේවල් මගින් සතුටක් ලබාගන්නවා . සමීක්ශණයකට අනුව අවිවාහක කාන්තාවන්ගෙන් 65% - 75% පමන අද සමාජයේ ස්වයං වින්දනය යෙදෙන බවත් සදහන් වෙනවා . සාපෙක්ශව පිරිමි වැඩි වශයෙන් ස්වයං වින්දනය කරනව. පිරිමි අයගෙන් 90% - 95% ස්වං වින්දනය කරනවා. කාටත් තේරුම් යන පරිදි ඉතාම සරල ලෙස පැහැදිලි කරනවානම් ස්වං වින්දනය නිසා අපේ ශරීරයේ ලිංගික හෝර්මෝන සක්‍රිය වීමක් සිදු වෙනවා. ඒ හෝර්මෝන මගින් සිදු කරන්නේ කායික සතුටක් ලැබීමේ ආශාව ඇති වීම, ඒ වගේම සිරුර ඒ සඳහා සූදානම් කරවීම , කාන්තාවක් සුරාන්තයට පත්වීම මගින් නිරායාසයෙන්ම ලිංගික හෝර්මෝන වල සමබර තාවය ඇති වෙලා සිරුරට අවශ්‍ය කාන්තා හෝමෝන ක්‍රමානුකූල ලෙස මුදාහැරීමක් සිදු වෙනවා . එය ආර්තවය නිසි ලෙස සිදු නොවන අයගේ ක්‍රමවත් වීමට ද බල පෑමක් ඇති කරනවා. අවිවාහක කෙනෙක් නම් ඒ හෝමෝන සමතුලිත බව රැක ගැනීමට ස්වයං වින්දනය වැදගත් වෙන බව විද්‍යාත්මක ලෙස ඔප්පු කර තියෙන්නවා. එමගින් කායික තෘප්තිමත් බව ලැබීමත් එමගින් හෝමෝන සමතුලිත බව ඇති කරගන්න පුලුවන් වෙනව. විවාහක කෙනෙක්ට තමන්ගෙ සහකරුවා සමග කායික එකතුවීම් සිදුවෙන සහ එමගින් සුරතාන්තයට (උපරිම ලිංගික සතුටට) පත්වෙන නිසා ස්වයං වින්දනය අවශ්‍යය වෙන් නෑ. නමුත් අවිවාහක කෙනෙකුට ස්වයං වින්දනය මගින් මේ විදියට කායික සහ මානසික සැහැල්ලු බව මානසික ආතතිය (stress) අඩු වෙනවා වගේම කායික මෙන්ම මානසිකවත් නීරෝගී බවට උපකාරී වෙනවා. ස්වං වින්දනයේ ප්‍රොයෝජන වශයෙන් ඉහත සඳහන් කරපු විදියට ස්වං වින්දනය හෝමෝන සමබරතාවයට උපකාරී වීම . කායික මානසික සැහැල්ලු වීමට සහ ආතතිය අඩු වීමට කායික මානසික සෞඛ්‍ය හොඳින් තියාගැනීමට මාසික ඔසප් වීමේදී අදිකව වේදනාවක් ඇති වේදනාවක් ඇතිවෙන අයට වේදනාව තරමක් පාලනය කර ගැනීමට මෙය උපකාරී වෙනවා . තවද මෙමගින් අපේ ගර්භශයට ශක්තිමත් බවක් ඇති කරන්වා. ස්වයං වින්දනය කිරීම මගින් තම ශරීරය ක්‍රියාත්මක වන ආකාරය හොදින් හදුනාගෙන විවාහයෙන් පසු කායික එකතු වීම් සහ සුරතාන්තය ලබා ගන්න එය උදව් කරගන්න පුළුවන් . ඒ නිසා අවිවාහක කෙනෙක්ට තම ලිංගික හැහීම් පිටකිරීමට සහ කායික මානසික සතුට ලබාගන්න සුදුසු ක්‍රමයක් වශයෙන් ස්වයං වින්දනය හදුන්වා දෙන්න පුළුවන් . ස්වයං වින්දනය මගින් කෙනාගෙන් කෙනාට ලැබෙන්න සතුට වෙනස්. වගේම දැනෙන විදිය වෙනස්. ඒ වගේම එක එක කෙනාට උත්තේජනය වෙන්නෙ එකම විදියටත් නෙමේ. ඒනිසා ස්වයං වින්දනය කියන දේ තමන්ටම ආවෙනික වූ දෙයක්. ඒ නිසා වෙන කා එක්කවත් ඒක සංසන්දනය කරන්න යන්න එපා. තමන්ටම ආවෙනික වූ ක්‍රමයක් තියෙන්න පුලුවන්. සමහර අයට සහකරුවා සමග කායික එකතු වෙනවට වඩා ලොකු සතුටක් ස්වං වින්දනය මගින් ලැබෙන්න පුළුවන් . සමහර පිරිමින්ට ඉතාම ඉක්මනින් ශුක්‍රාණු පිට වීම නිසා කාන්තාවන් ට උපරිම ලිංගික සතුට අහිමි වල අවස්ථා වලදී ස්වං වින්දනය මගින් ඔවුන් ට සුරතාන්තයට පත් වන්නට පුලුවන් . මේ පිලිබදව පාසැල් වයසේ තරුණ තරුනියන් විමසන කරුනු නිසාම බොහෝ දෙනා පොදුවේ ස්වං වින්දනය සදහා භාවිතා කරන විවිද ක්‍රම කීපයක් සදහන් කරන්නම් . Clitoris හෙවත් "භගමනිය" උත්තේජනය මගින් යෝනි මාර්ගයෙ ට උඩින් යෝනි තොල් දෙපසට කරාම තියෙන කුඩා කොටස තමා භගමනිය clitoris එක. එම කොටස පිරිමැදීම මගින් කාන්තාවන්ට සුරාන්තයට පවා පත්වෙන්න පුලුවන්. කාන්තාවන් 90% පමන උපරිම ලිංගික සතුට (සුරතාන්තය ) ලබාගන්න මේ ආකාරයට . යෝනිමාර්ගයට තුලට යම් දෙයක් ඇගිලි හෝ sex toy එකක්. ඇතුලු කර එය ඉහල පහල කරමින් ලබන තෘප්තිය යෝනි මාර්ගික සතුට වශයෙන් හදුන්වා දෙන්න පුළුවන් . නිපල්ස් පිරිමැදීම සහ පියයුරු තෙරපීම මගින් සමහර අයට සුරතාන්තයට පත් වෙන්න පුළුවන් . තන පුඩුව එහෙම නැතිනම් නිපල් එක කියන්නෙ ඔයාගෙ ඇගේ තියෙන සංවේදී ස්තානයක්. ඇගිලි වලින් ඔයාගෙ නිපල්ස් පිරිමැදීම මගින් ඔයාට ඉතාම පහසුවෙන් ලිංගික හැගීම් පුබුදවාගන්න පුලුවන්. නිපල්ස් විශාල වී එය උල් වූ ස්වභාවයකට පැමිනීමෙන් එය තහවුරු වෙනව. තවද ස්වයං වින්දනය සදහා නිපදවා ඇති උපකරණ (Toys) මගින් භගමනිය සහ යෝනි මාර්ගය උත්තේජනය කිරීමෙන් උපරිම ලිංගික සතුටක් ලබාගන්න පුළුවන් . අවිවාහක තරුනියන් ඇගිලි හෝ භාහිර දෙයක් යෝනි මාර්ගය තුලට යැවීමෙන් කන්‍යා පටලයට හානි වෙන්න පුලුවන්. ඒ නිසා යෝනිමාර්ගය මතුපිට උත්තේජනය කිරීම අවිවාහක අයට වඩාත්ම සුදුසු ස්වං වින්දන ක්‍රමය වශයෙන් හදුන්වා දෙන්න පුළුවන් .

Post a Comment

Previous Post Next Post