ඒක ඇත්තටම මාර ප්‍රසිද්ධ කතාවක්නෙ...ඒත් ඇත්තටම ඒක එහෙමමද?කොච්චර දුරට ඒ කතාවෙ ඇත්තක් තියෙනවාද?මට නම් අවංකවම කියනවනම් ඒ කතාවට කොහොමත්ම එකග වෙන්න පුළුවන් කමක් නෑ...මොකද එහෙනම් ඇත්තටම ආදරෙන් ඉන්න මිනිස්සුන්ට කවදාවත්ම ලමයි හදන්න වෙන්නෙ නෑ මොකද ආදරෙ රාගයෙන් තොර වෙන්න එපැයි....theory එක්ක බලන හැම දෙයක්ම සැබෑ ජීවිතයේ ඇත්තක් වෙන්නෙ නෑ... ලිංගිකත්වය කියන්නේ ඇත්තටම ආදරයට අත්‍යාවශ්‍යම දෙයක්...ඒක විවාහයෙන් පස්සෙ කාලයේ වගේම ආදරය කරන කාලයේදිත් ඇති වෙන්න පුළුවන්...
කසාද ජීවිතයේ මිනිස්සූ ඇත්තටම හරි ලිංගික සතුටක් විදිනවද? එහෙම වෙනවනම් ඇයි පවුල් ජීවිත මෙච්චරම අසාර්ථක වෙන් නෙ අද කාලේ...
ඇත්තටම ඒකට ගොඩක්ම බලපාන්නෙ මිනිස්සුන්ගෙ චර්යාවල තියෙන ප්‍රශ්න...මිනිස්සු ලිංගික සතුට කියන්නේ මොකක්ද කියලා දන්නවද කියන එකත් ඇත්තටම ප්‍රශ්නයක්.... ලංකාවේ ගෑනුන්ගෙ න් 90% ජීවිත කාලයටම කවදාවත්ම සුරාන්තයක් අත්විඳිලා නෑ...
පිරිමින් ට නම් යන්තම් ඒ අත්දැකීම ගන්න පුළුවන් ස්වභාවයෙන්ම ශරීරය එහෙම හැදිලා තියෙන නිසා.... ඒත් සුරාන්තයක් ලැබීමම විතරද ලිංගික තෘප්තිය කියන්නේ...ඒක ඇතුලෙ කොච්චර ක්‍රම තියෙනවද විදින්න කීයෙන් කී දෙනාද ඒක හරියට දන්නේ....ඒත් මිනිස්සු හිතාගෙන ඉන්නව තමන් හරියට ජීවිතේ විදිනව කියලා...
විවාහයෙන් පස්සෙ ටික කාලයක් යනකොට ගෑනු උදවිය හිතන්න ගන්නවා දැන් අපි කොහොම හිටියත් එකයි කියල..ඔන්න ඉතින් ඊට පස්සේ හරියට පිරිසිදුවක් නෑ... ලස්සනට ඇදුමක් අදින්නෙ නෑ.කිසිම sexy ගතියක් නෑ...sex වලට එච්චර උනන්දුවක් නෑ...ඔහේ නිකං ජීවත් වෙනව... ඉතින් තමන්ගේ යුතුකම් හරියට ඉශ්ඨ නොකර මනුස්සයට බැනල වැඩක් තියෙනවද?
පිරිමි ගත්තත් එච්චර තමයි ගෑනියෙක්ට ආදරේ කරන්න දන්නේ නැත්තම් ගෑනියෙක්ට දැනෙන්න sex කරගන්න බැරි නම් පවුලේ වගකීමක් හරියට ඉෂ්ට කරන්නේ නැත්තම් ගෑනි පිටයනව කියල ගෑනිට බැනල වැඩක් තියෙනවද?
ඒක හරියට මෙන්න මේ වගේ මේ වගේ මිනිස්සුත් ඉන්නව....
නුරා තනපුඩු දිවෙන් තොලගා
ඇගේ රහසඟ සෙමින් කිති කවලා
සුර ලොවක ඇය අතරමං කර
යකෙක් සැනහෙයි වියරු වීලා...
හතිවැටී ඇය සුසුම් හෙලලා
යක්ෂ ඕජස දිවෙන් තොලගා
ඇඳමතම දිග ඇදී හෙමිහිට
බලයි ඔහු දෙස දෙනෙත් හරවා...
වෙස් මුහුණ උගේ බිමට වැටිලා
යක් වෙසින් ඇය දෙසට රවලා
තූ කියා කෙල පිඩක් ගසලා
ඇඳෙන් බැස්සා සරමේ පිහදා...
හැබැයි මේ කිසිම හේතුවක් නැතුව තියෙන වනචරකම නිසා එක එකා ගාවට යන ගෑනු මිනිස්සු දෙගොල්ලොම ඉන්නව ඒක නම් කොහොමවත් අනුමත කරන්නවත් සාදරනිකරණය කරන්නවත් බෑ...මොකද දෙයක් කිව්වම ඒක තමන්ගේ වාසියට හරවගන්න එකත් අපේ මිනිස්සුන්ගේ සිරිතක් නේ...
ලිංගික අවශ්‍යතාවය හැමෝටම ඇති වෙනව ඒක හැමෝම විඳින්න ආසයි...4n sex කරත් ඒකත් හෙනම ලොකු වැරද්දක් තමන්ගේ ආත්මයට උන හානියක් විදියට දකින මිනිස්සුත් අපේ රටේ ඉන්නව...ඉතින් අනිත් දේවල් ගැන කවර කතාද?ස්වයංවින්දනයත් සංස්කෘතික අපරාධයක් විදියට අර්ථකතනයකරන මිනිස්සුත් ඉන්නව...තව පිරිමි ස්වයං වින්දනය කරාම ඒක සාමාන්‍ය දෙයක් විදියටත් ගෑනියෙක් එහෙම කරොත් ඒකී බඩුවක් කියන මට්ටමේ එවුනුත් ඉන්නව...මේවට කොහෙන් හිනා වෙන්නද කියල අපිටම තේරෙන්නේ නෑ...
ළමයෙක්ට නිසි කාලේ ඉඳන් දෙමාපියන් වැඩිහිටියන් විසින් ලිංගික අධ්‍යාපනයක් දෙන්න ඕන...ළමයෙක්ට හොඳ නරක තේරුම් ගන්න පුළුවන් එතකොට නැතුව සිමා මායිම් පනවල නෙමෙයි...තමන්ට නිදහස තියෙන්න ඕන තමන්ට ගැලපෙන දේ තෝරාගන්න ඒකට අවශ්‍ය බුද්ධිය පොඩි කාලේ ඉඳන්ම හදන්න ඕන...
හැමදේම අවස්ථාවාදී විදියට පාවිච්චි කරන මිනිස්සුත් මේ සමාජේ ඉන්නව ගොඩක් වෙලාවට ඒක නම් කරන්නේ පිරිමි ගෑනියෙක් තමන්ගේ දුක සමහර විට පිට පිරිමියෙක්ට කියන්න පෙළඹෙනවා ඒක සාමාන්‍ය සිතිවිල්ලක් සමහර විට නොදනිම ඒ මනුස්සයට ලං වෙන්නත් පුළුවන්...සම්බන්දයක් ගොඩ නැගෙන්නත් පුළුවන් ලිංගික සම්බන්ධයකට පවා ඒක හැරෙන්න පුළුවන් වැරැද්ද තියෙන්නේ එතන නෙමෙයි තමන්ගේ වැඩේ කරගත්තට පස්සේ අර ගෑනිව හිටියටත් වඩා අමාරුවේ දාන්න සමහරු පෙළඹෙනවා...අන්න උන්ට නම් තිරිසන්නු කියන එක ඇරෙන්න වෙන වචනයක් ගැලපෙන්නේ නෑ...එහෙම දේවල් නිසා තමයි සමාජීය ප්‍රශ්නත් මෙච්චර වැඩි වෙලා තියෙන්නේ
රාගයෙන් තොර ආදරය පාරිශූද්දයිලු...
byNimesh.com
•
0
