අනිවාර්යයෙන්ම මෙන්න මේ සාධක තුන ගළපන්න. ගැළපෙනවද කියලා බලන්න.
1. Likes & dislikes
2. Targets
3. Sex
අපි කොච්චර හිතුවත් පරිප්පුයි බෝල්ට් ඇණයි එකට අනාගෙන කන්න බෑ..
මම එයාට හුඟක් ආදරේ නිසා මම පරිප්පු එක්ක බෝල්ට් ඇණ කන්න පුරුදු වෙනවා කියලා කිව්වට කාලයක් යද්දි ඔබට දැනෙයි ඒක කරුමයක් කියලා...
ඔබ ආස චිත්‍ර ශිල්පියෙක් වෙන්න...
ඒත් ඔබේ අනෙක් භාගයට චිත්‍ර කියන වචනෙත් අරහං නම් මතක තියාගන්න ඔබ එක්ක එකම එක ප්‍රදර්ශනයක් බලන්නවත් එයා එන්නෙ නෑ...
ඒ වගේම ඔබේ පින්තාරුවක් ගැන කිසිම දවසක එයාගෙන් අගය කිරීමක් බලාපොරොත්තු වෙන්නත් ඔබට බෑ...
ප්‍රේමය කියන්නෙ චීස් බර්ගර් එකක් නම් සෙක්ස් කියන්නෙ සෝස් එකක් විතරයි...
සෝස් නැතුවත් චීස් බර්ගර් කන්න පුළුවන්...
සෝස් තිබුණොත් තවත් රහ වෙයි..
එච්චරයි...
ඒත් අපි කවදාවත් බර්ගර් එකක් කිරි හොද්දක ඔබාගෙන කන්නෙ නෑ. ඒක ගැළපෙන්නෙ නෑ..
ඉතින් සෝස් එක මැච් වෙන තරමට බර්ගර් එක රසවත්...
ඒ නිසා බර්ගරුයි කිරි හොදියි ගළපන්න උත්සහා කරන්නත් එපා...
අවසාන වශයෙන් ,
මේ ලෝකෙ ගැළපෙන මිනිස්සු නෑ
