බොහෝ කාන්තාවන් සුරතාන්තයට පත් නොවන්නේ ඇයි ?

ලිංගික එක්වීමකින් ලබන තෘප්තියේ උපරිමය වෙත ළඟාවීම සුරතාන්තය හෙවත් සුරාන්තය ලෙස හඳුන්වනවා. සුරතාන්තයට පත්වීම සහකරුත් සහකාරියත් එක්වරම හෝ වෙන් වෙන් කාල පරාසයක දී සිදුවිය හැකියි. එහෙත් සෑම ලිංගික එක්වීමක් ම සුරතාන්ත තත්වයකින් අවසන් නොවිය හැකියි. එවැනි අවස්ථා එක් පාර්ශවයක අසමත්කමක් නිසා හෝ දුබලකමක් නිසා හෝ සිදුවන බවට පූර්ව නිගමනයකට එළඹීම කිසිසේත් නිවැරදි වන්නේ නැහැ. සාර්ථක සුරතාන්තයකට ළඟා වන්නට හැමවිට ම නොහැකි විය හැකි අතර එය සාමාන්‍ය තත්වයක් බව ඔබ මුලින් ම අවබෝධ කරගත යුතුයි. එහෙත් දිගින් දිගටම එක්වීම් අවස්ථාවල දී ඔබ දෙදෙනාට සතුට වෙනුවට කැළඹීමක්, උදාසීනබවක්, නොකැමැත්තක් හෝ අපහසු තත්වයක් මතුවෙනවා නම් එය සැලකිය යුතු තත්වයක් වගේම ලිංගික වෛද්‍ය උපදේශන සේවාවක් වෙත යොමුවිය යුතු තත්වයක් විය හැකියි. සහකරු සහ සහකාරිය අතර හොඳ ආදර සම්බන්ධතාවක් නඩත්තු වනවා නම්, දෙදෙනා අතර ජීවිතය බෙදාගැනීමේ දී හොඳ සන්නිවේදනයක් සිදුවෙනවා නම්, එකිනෙකාට ලෙන්ගතුව කටයුතු කරනවා නම් ලිංගික එක්වීම් අසාර්ථක වන්ට හෝ අතෘප්තිමත් වන්නට කිසිසේත් ඉඩක් නැහැ. ඒත්, තමන්ට කොයිතරම් සමීප වුණත් හිතමිතුරන් සමඟ හෝ පවුලේ අය සමඟ හෝ එසේත් නැත්නම් වෛද්‍යවරයෙකු සමඟ පවා විවෘත ව කතාකරන්නට බියවීම නිසා තමන්ට ඇති ලිංගික ගැටළු සඟවාගෙන සිටින බොහෝ සහකරුවන් සහ සහකාරියන් සිටිනවා. නමුත් සුරතාන්තයට පත් නොවීම ලිංගික ගැටළුව ක් නොවෙයි. එය ලිංගික එක්වීමක ආස්වාදය විඳින්නට ඔබට බාධා ඇතිකරවන තත්ත්වයක්. මේ සම්බන්ධයෙන් කර ඇති අධ්‍යයනවලින් අනාවරණය වී ඇත්තේ ලිංගික එක්වීම් අතර තුලදී සෑම කාන්තාවන් සියදෙනෙකුගෙන්ම සුරතාන්තය කරා ළඟා වන්න්නේ 25%ක් වැනි සුළු කාන්තාවන් ප්‍රතිශතයක් බවයි. ඇත්තෙන්ම මෙයින් පැහැදිලි වන්නේ, බොහෝ කාන්තාවන් සුරතාන්තයට පත්වීම පිළිබඳ අත්දැකීම නිසියාකාරව අත්පත් කර නොගන්නා බවයි. ඇතැම්විට සහකරුගේ හිත හදන්නට තමා සුරතාන්තයට පත් වූ බවට පවසන එහෙත් එම තත්වයට ළඟා නොවන කාන්තාවන් ද සිටින බව එම අධ්‍යයනය තුළ පෙන්වා දෙනවා. කාන්තාවකට පැයක කාලයක් තුළ 10 වතාවක් වුවද සුරතාන්තයට පත්විය හැකි බව ඔබ විශ්වාස කරනවා ද? එහෙත් එය පර්යේෂණාත්මක ව තහවුරු කර ඇති සත්‍යයක්. මේ නිසා සුරතාන්තය ළඟාකරගැනීම අසීරු කටයුත්තක් නොවෙයි. සෑම ලිංගික එක්වීමක් ම සුරතාන්තයකින් අවසන් විය යුතු යැයි නීතියක් හෝ සම්මතයක් නොමැති වුවත්, ඔබේ සෑම ලිංගික එක්වීමක් ම උපරිම තෘප්තිය කරා ළඟාවිය හැකි ඒවා බවට පත්කරගන්නට ඔබ උද්යෝගිමත් විය යුතුයි. හේතුව එමඟින් ඔබ ශාරීරිකවත් මානසිකවත් ලබන ලිහිල් බව, සැනසීම, දෙදෙනාගේ විවාහ ජීවිතය, ආදර සම්බන්ධතාව ශක්තිමත් කරන්නටත්, එකිනෙකා අතර බැඳීම බලසම්පන්න කරන්නටත් අනිවාර්යයෙන් ම උපකාරී වනවා. ලිංගිකත්වය කියන්නේ ස්වභාවිකව අපට උරුම වී ඇති ආශ්වාදයක්. ලිංගික ආශාව කියන්නේ, ඕනෑම නිරෝගී පුද්ගලයකුගේ මනසේ ඇතිවන අතිවිය හැකි උත්තේජනයක්. කෙනෙකුගේ ස්වභාවික ලිංගික චක්‍රය ප්‍රධාන අවස්ථා 4කට බෙදිය හැකියි. ආශාව ලිංගිකව එකතුවීමට ඇති ආශාව, සිප ගැනීම්, වැළඳගැනීම්, සිහින දැකීම්, ලිංගිකත්වය ගැන සිහිපත් කිරීම, කතාබහ කිරීම, ලිංගික එක්වීම් නැරඹීම වැනි විවිධ ස්වරූපයෙන් මතුවිය හැකියි. ලිංගික ආශාව නිරෝගී මනසක ඇතිවන ස්වභාවික තත්ත්වයක්. ලිංගිකව අවදි වීම පුද්ගලයකු ලිංගික කාර්යායට පෙළැඹෙන විටකදී මනස මෙන්ම ශරීරය ද අවදි වේ. පිරිමියෙකුගේ නම් හොඳින් ශිෂ්ණය ප්‍රාණවත් වන අතර ස්ත්‍රියකගේ නම් යෝනි මාර්ගය හොඳින් තෙත් වේ. පියයුරු ක්‍රමයෙන් විශාල වී තද බවක් උසුලයි. ඇස් සරාගික වෙයි. සම රත්පැහැ වෙයි. සිරුර උණුසුම් වෙයි. උපරිම තෘප්තියට පැමිණීම (Orgasm) පුරුෂයකු ශුක්‍රාණු පිටවීමෙන් උපරිම තෘප්තියට පැමිණෙන අතර කාන්තාවක් නම් යෝනි මාර්ගය අවට මාංශ පේශීන් තදවීම සමඟ ලැබෙන අපූරු තෘප්තියකින් සුරාන්තයට පැමිණේ. සහකරු විසින් භගමනිය පිරිමැදීම, තනපුඩු ස්පර්ශය, සිපගැනීම, මුඛ සංසර්ගය වැනි විවිධ ලිංගික උද්දීපන ඇසුරෙන් කාන්තාවකට ලිංගික තෘප්තියේ උපරිමය වෙත ළඟාවිය හැකිය. ඉරියව් වෙනස් කරමින් යෙදෙන සංසර්ගය ද ඇගේ උපරිම තෘප්තිය ඉක්මන් කරන්නට හේතු විය හැකිය. ලිංගික කාර්යයෙන් පසු, එනම් උපරිම තෘප්තියට පැමිණීමෙන් පසු මනස සහ ශරීරය සැහැල්ලුවේ. මෙම සමාප්ති කාලය කාන්තාවකට නම් කෙටි කාලයකි. මේ නිසාම එක් ලිංගික කාර්යයක් ඇතුළත ඇයට කීප විටක්ම උපරිම තෘප්තියට හෝ සුරාන්තයට පැමිණිය හැක. කාන්තාවන්ට උපරිම තෘප්තිය දැනෙන හැටි එකිනෙකාට තෘප්තියේ උපරිමය දැනෙන හැටි සහ එය අත්පත් කරගන්නා හැටි විවිධාකාරයි. කෙනෙකුට ලිංගික ආශාව හෝ වෙනත් කවර ආශාවක් වුවත් එය ජනිත වනුයේ මොළය තුළින්. කෙනෙක් උපරිම තෘප්තියට පැමිණීමේදී එම සතුටට සමගාමීව මොළය තුළ එන්ඩොපින්, ඩෝපමින් සහ සෙරොට්නීන් වැනි සතුට ගෙන දෙන අපූරු රසායන ද්‍රව්‍ය ශ්‍රාවය වීමක් සිදුවන බවයි වෛද්‍යවරුන් පවසන්නේ. එමෙන්ම මොළය තුළින් දිවෙන ස්නායු පද්ධතිය සමග යෝනි මාර්ගය සහ ඒ අවටින් පිහිටා ඇති ‘භගමනිය’ (Clitoris) සහ ජී-ස්පොට් (G-Spot) යන ස්ථාන ද උත්තේජනය වන බවත්, විශේෂයෙන්ම ලිංගික සංසර්ගයේදී ශිෂ්ණය ඉහත ස්ථානවල ඇතිල්ලීමෙන් ඉතා ඉක්මණින් කාන්තාවන් උපරිම තෘප්තියට පැමිණෙන බවත් ලිංගික වෛද්‍යවරුන් පෙන්වා දෙනවා. ප්‍රධානම ගැටලුව කාන්තාවන් තම සහකරු ඉදිරියේ විවෘත නොවීමයි ඒත්, ඇතැම් සහකරුවන් සහ සහකාරියන් අතරේ පවතින සහසම්බන්ධතාවයේ ගැටළු නිසා ලිංගික තෘප්තියේ උපරිමය අහිමි කරගන්නා බව හෙළි වී තිබෙනවා. විශේෂයෙන්ම තමන්ගේ අවශ්‍යතා පිළිබද කාන්තාවන් විවෘතව සහකරු සමග අදහස් බෙදා නොගැනීම මීට ප්‍රධාන වශයෙන් බලපාන කරුණක්. මීට අමතරව ශරිරයට බලපාන සෞඛ්‍යමය හේතු හැරුණුවිට අනෙකුත් හේතු මත ලිංගික තෘප්තියේ උපරිමය කරා ළඟා වීමට නොහැකි ව සිටින බොහෝ දෙනෙකුට ඊට බලපෑ හැකි හේතු හඳුනා ගෙන සිටීම අතිශයින් ම ප්‍රයෝජනවක් වනු නිසැකයි. කාන්තාවක් උපරිම තෘප්තියට නොපැමිණීමට හේතු 1. දෙදෙනා අතර තිබෙන සම්බන්ධතාවයේ ගැටලු මෙහිදී අකමැත්තක් ඇතිව ලිංගික ක්‍රියාවලියට සම්බන්ධ වීම, දෙදෙනාගේ රුචි අරුචිකම් ගැන අනවබෝධය, හා හිත්වලින් එකිනෙකා ගැන තිබෙන අප්‍රසාදය බලපාන්න පුලුවන් . 2. මානසික අවපීඩනයෙන් හෝ දැඩි ආතතියෙන් පෙලීම දෙදෙනාගේම මානසික සැහැල්ලු බව මෙහිදී ඉතාම වැදගත් , එක්කෙනෙක් හෝ මෙවැනි තත්වයකින් පෙලෙනවා නම් ගැටලුවක්. 3. සංස්කෘතික හා ආගමික විශ්වාසවලට ගොදුරු වීම මේ අදහස් නිසා කාන්තාවන් ලිංගික ක්‍රියාවලිය අතරතුර නිහඩව සිටීම දකින්න පුලුවන්.තමන්ගේ ආසාවන් පිළිබද සහකරු සමග පැවසීමෙන් තම ප්‍රතිරූපයට හානියක් වේවැයි කියන ආකල්ප නිසා බොහෝ කාන්තාවන් සක්‍රියව ලිංගික ක්‍රියාවලියට දායක නොවීමත් මේ සදහා බලපාන තවත් හේතුවක් 4. කුඩා කාලයේ ලිංගික අපයෝජනයට ගොදුරු වීම මේ නිසා ලිංගික කාර්‍ය සදහා දක්වන බිය, අකමැත්තක් වැනි ස්බාවය සුරාන්තයට කාන්තාවන් පත්නොවීමට බලපාන කරුණක්. මීට අමතරව 5. පාලනය නොවූ දියවැඩියාව 6. කුඩාකළ වැරදි ලිංගික අධ්‍යාපනයට යොමුවීම 7. සමහර ඖෂධ වර්ග ගැනීම 8. සමහර ශෛල්‍යකර්ම වලට භාජනය වීම වැනි කරුණුත් බලපානව. ඉතින් මේ හේතු කිහිපයක් හෝ එකක් නිසා ඔබේ සහකරු සමඟ හොඳ ලිංගික ඇසුරක් පවත්වන්නට ඔබට නොහැකි වී ඇත්නම් වහාම ඔබට කළ හැකි වෙනස්කම් අරඹන්න. ඔහුගෙන් ඒ සඳහා සහාය ලබාගන්න. වෛද්‍ය හේතු වෙනුවෙන් පළපුරුදු වෛද්‍යවරයෙකුගෙන් උපදෙස් ලබාගන්න. ලිංගික ජීවිතය ඇත්තෙන්ම සතුටින් ගත කරන්න. එය පවක් හෝ වරදක් නොවේ. කාන්තාවන් හා පිරිමින් ලෙස සියලු දෙනාටම විදිය හැකි සතුටුදායක කටයුත්තක් බවට පත් කර ගන්න

Post a Comment

Previous Post Next Post