SUCK කරන කොට ලෙඩ බෝවෙනවද?

හුගක් නූතන පරම්පරාව නොදන්න දෙයක් තමා මේ කරුණ.මම දැක්කා මේ ගැන සමහර තැන් වල ලියැවිලා තියෙනවා මෙහෙම "ඔබ ලිංගික සබධතාවයක් පවත්වන විට කොන්ඩම්,උපත් පාලන පෙති වගේම....Mouth wash එකක් පාවිච් කරන්න" ඒකෙන් ගම්‍ය කලේ මුඛ සංසර්ගය එහෙමත් නැත්නම් mouth sucking එකකදි ඔබට වැළදෙන්න පුළුවන් සමාජ රෝග තත්ත්වයන් ඔය කියන මවුත් වොශ් එකක් ආධාරයෙන් අවම කරගන්න පුළුවන් කියලයි. ඉතින් කියන්න ඕන ඇත්තටම මේ ලියවිල්ලෙ කිසිදු තාර්කික පදනමක් හෝ සත්‍යයතාවයක් නෑ කියලා. මෙහෙමයි, මේ පිළිබදව ලෝකේ සමහර තැන් වල පර්‍යේෂණ සිදු කරමින් ඉන්නවා. අනාගතයේ එහෙම මවුත්වොෂ් එන්නත් ඉඩ තියෙනවා. එත් ඉතින් දැනට මුඛයේ පවතින යම් යම් විශබීජ / දුගඳ මර්දනයට මිසක්, මුඛ සංසර්ගය තුළින් බෝවෙන සමාජ රෝග වලක්වන්න සංසර්ගයෙන් පස්සේ ගන්න මවුත් වොශ් එකකට බෑ.එහෙම තියෙනවා නම් ඒ ගැන ලිංගාශ්‍රිත රෝග මර්ධනයට කැපවෙන ආයතන අපෙන් හංගන්නෙත් නෑ. දැන් ඔයාලට මම කියන්නම් මුඛ සංසර්ගයෙන් බෝවෙන රෝග මොනාද කියලා... මේකෙන් ප්‍රධාන වශයෙන්ම එහෙමත් නැත්නම් සුලබවම බෝවෙන රෝග ලැයිස්තුවට ඇතුල් වෙන්නේ ගොනෝරියා, ලිංගික හර්පීස්, සිපිලිස් සහ මානව පැපිලෝමා වෛරස ආසාදනය. මේවා තරම් සුලබ නැතත් ක්ලැමීඩියා, HIV, හෙපටයිටීස් A/B/C සහ ලිංගික ඉන්නන් කියන අසනීපත් මුඛ සංසර්ගය හරහා බෝවෙන්න ඉඩකඩ තියෙනවා. හුගක් අය සමාජ රෝග බෝවෙන මේන් පොයින්ට් එක විදියට හිතන්නේ යෝනි මාර්ගයට ශිෂ්ණයක් ඇතුළු කිරීම කියන කාරණය නිසාමද මන්දා ගුද මාර්ග සංසර්ගය සහ මේ කියන මුඛ සංසර්ගය ගැන බොහොමයක් දේ යට ගිහිනුත් තියෙනවා. කොටින්ම අනාරක්ෂිත ගුද මාර්ග සංසර්ගය කියන්නෙත් රෝග රැසක ආරම්භයක් වෙන්න පුලුවන් අවස්ථාවක්. කොහොම වුනත් තමන්ගේ මුඛයට ගනු ලබන ශරීරයේ විෂබීජ වැඩිම තැනක් සම්බන්ධව මීට වඩා සැළකිලිමත් වෙන්න.මොකද ඔය ආර්ටිකල් ලියන කවුරුවත් සමාජ රෝගයක් වැළදුනොත් ප්‍රතිකාර කරන්න එන්නෙ නෑ. විඳවන්නේ තමන්මයි. ඒ නිසා තමන්ගේ විශ්වාසවන්ත සහකරු නොවෙන සෑම වෙලාවකම, මුල ඉඳලම ආරක්ෂිත කොන්ඩමයක් පළදින්න සහ පළඳින්න කියල ඉල්ලන්න ඔබට අයිතිය තියෙනවා . වින්දනය මදි කියලා හිතන අය වෙනුවෙන් නොයෙක් රසයෙන් වගේම වැඩිපුර දැනෙන විදියට තුනීවට හදපු කොන්ඩම් වර්ගත් දැන් තියෙනවා. මුඛ සංසර්ගයෙන් ගැබ් ගන්නවද අහන රටේ,මුඛ සංසර්ගයෙන් සමාජ රෝග බෝවෙනවයි කියලා නොහිතන /නොහිතෙන අයත් ඉන්න පුළුවන්. තමන් හිසට තම අතමය සෙවණැල්ල වගේ විඳින්න තියෙන ජීවිතය අනාරක්ෂිත තැන් වලදි රිස්ක් එකක් නොගෙන ආරක්ෂිත හිස් වැසුම් පැළදලාම විඳින්න. සරලව කිව්වොත් ඔව් ඔව් යකෝ නොදන්න කටවල් වල ඕක ඔබන්න කලින් සිය පාරක් හිතපන්.

Post a Comment

Previous Post Next Post