අද අපි කතා කරන්න යන්නේ ගොඩක් අය හොරෙන් හොරෙන් ගන්න, ඒ වගේම වැඩිපුරම අවභාවිත වන ඖෂධයක් වන sildenafil ගැන.. ගොඩක් අය නම් sildenafil කිව්වට නම් දන්නේ නැතුව ඇති.. cupid, silagra, viagra වගේ නම් නම් දන්නවා ඇති.. මෙන්න මේ වෙළඳ නාම වලින් තියෙන්නෙත් sildenafil ම තමයි.. සමාජය තුල මෙන්න මේ ඖෂධය ගැන ගොඩක් වැරදි මත තිබෙනවා.. ඒ නිසා ඖෂධය ගැන හරියට දැන ගන්න මේ ලිපිය අවසන් වනතුරු කියවන්න
ඇත්තටම මොනවද මේ sildenafil කියන්නේ...?
1998 දී Pfizer කියන ඖෂධ සමාගම මෙන්න මේ ඖෂධය නිෂ්පාදනය කරන්නේ නම් pulmonary hypertension එහෙමත් නැත්නම් පෙනහළු සහ හදවත අතර තියෙන නාල වල පීඩනය වැඩි උනාම ඒක අඩු කරන්න.. ඉතින් මෙන්න මේ ඖෂධය ගත්තම අතුරු ප්‍රථිපලයක් විඳියට පුරුෂ ලිංගය ප්‍රාණවත් වීම සිදු වෙන්න ගත්තා.. දැන් නම් ඉතින් මේ ඖෂධ ය බහුලව ම භාවිතා කරන්නේ ලිංගික අප්‍රාණිකත්වයට(Erectile Dysfunction) තමයි..
මොනවද මේ sildenafil ගැන තියෙන මිත්‍යා මත..?
1. බොහෝ තරුණ අය හිතාගෙන ඉන්නේ මෙන්න මේ ඖෂධය ශුක්‍රාණු පිට කිරීමට ගතවන කාළය පරක්කු කරනවා කියලා.. එහෙම නැත්නම් ක්ෂණික මෝචනය ට විසදුමක් කියලා.. මෙන්න මේ දේ සම්පූර්ණ මිත්‍යාවක්.. sildenafil වලට ශුක්‍රාණු පිට කරන කාළය දීර්ඝ කරන්න බෑ.. මෙන්න මේ වැරදි මතය නිසා ලිංගික අප්‍රාණික තත්වය (Erectile dysfunction)නැති තරුණ අයත් මේ ඖෂධ ය ගන්න පෙළඹිලා තිබෙනවා..
2. අනිත් කාරණය නම් තරුණ පිරිස් හිතාගෙන ඉන්නවා sildenafil සමග විටමින් වර්ග සහිත පෙත්තක් ගැනීම මගින් sildenafil වල ක්‍රියාකාරීත්වය වැඩි කරන බව.. මේ දෙයත් තරුණ පිරිස් අතර තිබෙන වැරදි මතයක්..
3. මෙම ඖෂධය ලිංගික අප්‍රාණික තත්වයට තාවකාලික විසදුමක් මිස දීර්ඝ කාලීන විසදුමක් නොවේ.. දීර්ඝ කාලීන විසදුමක් ලබා ගැනීමට නම් සුදුසුකම් ලත් වෛද්‍යවරයකු ගෙන් ප්‍රතිකාර ලබා ගත යුතුය..
කොහොමද මෙන්න මේ ඖෂධය ලබා ගත යුත්තේ..?
1. මේ ඖෂධ ය වෛද්‍ය නිර්දේශ මත ලබා ගැනීම වඩාත් යෝග්‍ය වේ. නමුත් මේ දේ අද වන විට ප්‍රායෝගිකව සිදු නොවේ..
2. ලිංගික අප්‍රාණික තත්වයට භාවිතා කල යුතු අතර මෙමගින් ශුක්‍රාණු පිට වීමට ගතවන කාලය වැඩි වීමක් සිදු නොවේ..
3. සංසර්ගයට විනාඩි 30 ත‍් 60 ත‍් පෙර ලබා ගත යුතුය..
4. හිස් බඩට ගැනිමෙන් අවශෝෂණය වැඩි වෙයි.. ආහාර සමග ගත් විට අවශෝෂණය අඩු වි ප්‍රථිපල අඩු විය හැකිය..
5. පැය 24 ක් තුළ එක පෙත්තක ට වඩා නොගත යුතුය..
6. නිතර නිතර ලබා ගැනීම නොකල යුතුය.. මෙමගින් ඇබ්බැහිවීම ක් සිදු විය හැකිය
7. එක් දිනක් තුළ 100mg නොඉක්මවිය යුතුය..
මොනවද එන්න පුළුවන් අතුරු ආබාධ..?
මේ අතුරු ආබාධ වලින් එකක් හෝ කිහිපයක් ඇති වෙන්න පුළුවන්.
1. හිසේ කැක්කුම..
2. නහය අවහිර වීම..
3. ඇස් වල පෙනීම අඩු වීම.
4. ආලෝකය දෙස බැලීම අපහසු වීම..
5. ආහාර අජීර්ණය
6. කරකැවිල්ල
මෙම ඖෂධ ය ලබා ගැනිමේ දී පරෙස්සම් විය යුතු අවස්ථා මොනවාද..?
මෙම ඖෂධය යම් යම් අවස්ථාවල පරෙස්සමින් ලබා ගත යුතුය.. නැතිනම් ජීවිතය පවා අහිමි විය හැකිය..
1. හෘද රෝග සහිත පුද්ගලයන්..
2. රුධිර පීඩනය අඩු (hypotention) පුද්ගලයන්...
3. හදවත් රෝග සදහා nitrates වර්ගයේ ඖෂධ ලබා ගන්නා පුද්ගලයින්.. ISMN, GTN (දිව යට තබන පෙත්ත) . මෙම බෙහෙත් සමග sildenafil ලබා ගත් විට රුධිර පීඩනය අසාමාන්‍ය ලෙස අඩු වි මරණයට පත් විය හැකිය..
4. රුධිර පීඩනය අඩු කිරීමට භාවිතා කරන ඖෂධ සමග..
5. Tamsulosin වැනි ඖෂධ ලබා ගන්නේ නම් sildenafil ලබා ගැනීමට අවම පැය 6 ක පැමිණ පමණ පරතරයක් තබා ගත යුතුය..
ඉතින් මීට පස්සේවත් වැරදි මත පස්සේ ගිහින් ලිංගික අප්‍රාණික බව නැති ඔබ මේ ඖෂධ ය ලබා නොගනී කියලා හිතනවා...
සැමට සුවැති දිවියක් ප්‍රාර්ථනා කරනවා.
අද අපි කතා කරන්න යන්නේ ඖෂධයක් වන sildenafil ගැන..
byNimesh.com
•
0
