ආර්තවය / ඔසප් වීම යනු භෞතික විද්‍යාත්මකව ගර්භාෂයේ එන්ඩොමේට්‍රියම (endometrium ) නැමැති බිත්තිය බිඳී මත සිදු වන්නාවූ චක්‍රීය රුධිර පිටවීමයි.
මීට හේතුව වනුයේ කාන්තාවකගේ ගර්භාශයේ ඇතිවන හෝමෝනවල වෙනස් වීමයි.
එක් ඔසප් වීම ආරම්භයේ සිට නැවත ඔසප් වීම ආරම්භය දක්වා වන අවධිය ඔසප් චක්‍රයක් නම් වේ.
සාමාන්‍යෙන් පළමු ඔසප් වීම (මල්වර වීම) අවුරුදු 11ත් 15ත් අතර සිදුවෙයී.
පසුගිය දශකය තුල මල්වර වීම අඩු වයසකින් සිදුවීම දක්නට ලැබේ. මීට ප්‍රධානම හේතුව පෝෂණ මට්ටම දියුනු වීම හා පාරිසරික වෙනස් වීම් වේ
මල්වර වීමෙන් පසුව සෑම දින 21-35 කටම (සාමාන්යෙන් දින 28කින්) ඔසප් වීම සිදුවේ.
භෞතික විද්යාත්මකව ගර්භනී සමය හා කිරි ලබාදෙන කාලය හැරුනු විට මෙය අඛන්ඩව සිදු වන්නාවූ ක්‍රියාවලියකි.
සාමාන්‍යයෙන් කාන්තාවක් ජීවිත කාලය තුළ ඔසප් චක්‍ර 450ක් පසු කරයි.
කාලයත් ගතවත්ම ක්‍රමිකව අවුරුදු 45-50 අතරදී ආර්තවහරනය සිදුවේ. ඉන්පසුව ඔසප් චක්‍රය නවතී.
ඔසප් වීම සිදුවන කාලය සාමාන්යෙන් දින 4ත් 5ත් අතර වේ
ඒ අතරතුර 20-80ml අතර වූ රුධිර ප්‍රමාණයක් පිටවීම සාමන්යයි
ප්‍රථම දින දෙක තුලදී පිටවන රුධිර ප්‍රමාණයෙන් 70%ක් සිදු වේ
මෙසේ පිටවන රුධිරය තුල පහත සංඝටක ඇතුලත්ය
1. තද පැහැති වූ රුධිරය
2. ශ්ලේෂ්මල
3.යෝනි මාර්ගයේ මතුපිට සෛල
4.එන්ඩොමේට්‍රියමේ ගැලවී ගිය කොටස්
5. එන්සයිම
6. බැක්ටීරියාවන් අඩOගුවිය හැක
ගර්භාෂය තුල සිදු වන්නාවූ හෝමෝන වෙනස් වීම නිසා ඔසප් චක්‍රයේ 14 වැනි දිනයේදී ඩිම්භ කෝෂය තුලින් පරිණත වූ ඩිම්භයක් පිට කරනවා.
මෙසේ පිට වුනා වූ ඩිම්භය පැලෝපීය නාලය නම් වූ කොටසේදී ශුක්‍රාණුවක් හා සOසේචනය සිදු වුනහොත් එන්ඩොමේට්‍රියම මත තැම්පත් වන අතර සOසේචනයක් සිදු නොවුනේනම් යෝනි මාර්ගය හරහා පිටවේ
ඔසප් චක්‍රයේ ප්‍රධානතම අරමුණ ගර්භනී වීමට අවශ්ය සOසේචිත ඩිම්භය තම්පත් කරගැනීමට ගර්භෂයික පරිසරය නිර්මාණය කිරීමයි
එසේ සOසේචිත ඩිම්භයක් සිදු නොවුනු කල ඊලග ඩිම්භය සOසේචනය වේ යයි බලපොරොත්තුවෙන් ඊලග ඔසප් චක්‍රය ක්‍රියාත්මක වෙයි.
මෙය ස්වාභාවික ක්‍රියාවලියක්
ගැහැණු දරුවෙක්/ කාන්තාවකගේ ඔසප් වීම සිදු වීමට පෙර සිරුර විසින් ලබා දෙන්නාවූ ලකුණු කිහිපයක් තියෙන්ව.
අපි මෙවට Premenstrual syndrome (PMS) කියල හඳුන්වනවා
මෙය බොහෝ විට ඔසප් චක්‍රයේ අවසාන දින 7-10 අතර සිදුවෙනවා.
Premenstrual syndrome (PMS)
· ශරීරිකව ඇතිවෙන ගැටලු
1.බඩ පිපීම
2. පියයුරු වල ඇති වන්නා වූ තද ගතිය සහ අල්ලන විට ඇතිවන ස්වල්ප වේදනාව
3. කකුල් අතපය ඉදිමීම
4.ශරීරයේ බර වැඩි වීම
5. කුරුළෑ ඇතිවීම
· ස්නායු - මානසික ගැටලු
1. නිතර ඇතිවන තරහ( Irritability)
2. සුළු දේටත් හැඩීම(Tearfulness)
3. Depression/ Anxiety
5.මනෝභාවය වෙනස් වීම(Mood swings)
6. ආතතිය (Tension)
7. අමතක වීම (Forgetfulness)
8. පැටලිලි සහිත බව(Confusion)
9.ශාරීරික හා මානසික අවිවේකී බව (Restlessness)
10.හිසරදය (Headache)
11.කෑම සඳහා ඇති රුචිය වැඩිවීම හ නිතර බඩගිනි වීම(Increased appetite)
· හැසිරීමේ වෙනස්කම්
1. අධික තෙහෙට්ටු ගතිය(Fatigue)
2. මහන්සිය (Tiredness)
3.ලිංගික සංසර්ගය අතරතුර ලිංගික අවයව හෝ ශ්‍රෝණිය(Pelvis) තුළ නැවත නැවත ඇති වන වේදනාව (Dyspareunia)
4. නින්ද නොයාම (Insomnia)
මෙම ලක්ෂණ මගහරවා ගැනීමට ජීවන රටාව වෙනස් කිරීමට (Lifestyle Modification) හා චර්යා චිකිත්සාව ( Cognitive behavior therapy) උදව් වේ.
Dysmenorrhea (Menstrural Cramps)
මෙහිදී එදිනෙදා වැඩකටයුතු කරගත නොහැකි වන තරමට ඇතිවන වේදනාත්මක ඔසප් වීම දක්වන්න පුලුවන්.
සාමාන්යෙන් ඔසප් වීම තුලදී සුළු වේදනාවක් ඇතිවුවත් සමහර කාන්තාවන්ට මෙය වමනය,කලන්ත ගතියක් දක්වා වර්ධනය වන වේදනාවක් ඇතිවෙනවා
මීට ගර්භාෂ ගත රෝගයක් ඇතිවීම හා නොමැති වීමට පුළුවන්.
Primary Dysmenorrhea
බොහොමයක් ගැහැණු දරුවන් තුල දක්නට ලැබෙන වේදනාත්මක ඔසප් වීම කිසිදු රෝගයක් නොමැතිව හටගන්නා තත්වයක්.
මේ වේදනාව ඔසප් වීම ඇතිවීම පටන් ගැනීමට පෙර හෝ පටන් ගැන්මත් සමඟ ඇතිවන වේදනාකරී තත්වයක්.ඔසප් සමයේ ඇතිවන ගර්භාෂයික සOකෝචන වල අක්‍රමවත් වීම හේතු වෙන්වා.
මෙම වේදනාව පැය 24ත්-48ක් පැවතිය හැක. වේදනාව යටි බඩ ප්‍රදේශයේ ඇතිවන අතර ඉන් කොන්දට හෝ කලවා දෙසට විහිදී යා හැක. මෙය Primary Dysmenorrhea ලෙස හඳුන්වනවා
මෙය ගර්භනීභාවයත් දරු ප්‍රසූතියත් සමඟ සුවපත් වෙනවා.
මේ සදහා ඇති හොඳම විසඳුම නම් නිවැරදි සෞඛ්ය හා ක්‍රීඩාවල නිරත වීමයි. ඔසප් කාලය අතරතුර ආහාර මාර්ගය සක්‍රියව පවත්වා ගත යුතුයි.
මද වේදනා නාශක( Mild analgesics) හෝ ප්‍රතිසOකොචක ඖෂධ( antispasmodics) භාවිතා කළ හැකි නමුත් MORPHINE භාවිතය සුදුසු වන්නේ නැහැ.
Secondary Dysmenorrhea
වයස අවුරුදු 30 ආශ්‍රිතව හටගන්නා ගර්භාෂයික රෝගී තත්වයක් නිසා ඇති වේ. ඔසප් වීමට පෙර ගර්භාෂයේ ඇතිවන ආතතිය නිසා ඇතිවන වේදනාවක්.
මෙහිදී වේදනාව ඔසප් වීමට දින 3-5 කට පෙර ඇති වන අතර කොන්දේ සහ යටි බඩ ප්‍රදේශයේ විහිදෙන්නේ නැතිව වේදනාවක් හටගනී
ඔසප් වේදනාව හා ඒ ආශ්‍රිත අපහසුතා සාමාන්යෙන් හැමෝටම තියෙන පොදු ප්‍රශ්නයක්
ඒ වෙනුවෙන් අපිට ගෙදරදීම ගන්න පුලුවන් දීවල් මොනවද කියලා ඔබට ඉදිරිපත් කරන්නම්
සම්බාහනය කිරීම (Heat application)
ඔබේ උදරයට සහ පහළ, පිටුපසට සම්බාහනය කිරීම මගින් වේදනාව සමනයවේ.
මේ සඳහා Hot Water Bag එකක් පාවිච්චි කරන්න පුළුවන්
නිතර ජලය පානය
ජලය පානය කිරීම සැමවිටම වැදගත් වන අතර ඔබේ ඔසප් කාලය තුළ මෙය විශේෂයෙන් අත්‍යාවශ්ය වේ.
නිතර වතුර පානය කර සිටීම ඔසප් වීමේ පොදු රෝග ලක්‍ෂණයක් වන විජලනය, හිසරදය ඇතිවීමේ අවදානම අඩු කරයි.
මද රස්නය වතුර වඩාත් හොදයි.
ඕනෑ තරම් ජලය පානය කිරීමෙන් බඩ පිපීම වළක්වා ගත හැකිය.
කොත්තමල්ලි
කොත්තමල්ලි බීජ වල විෂබීජ නාශක සහ දිලීර නාශක ගුණ ඇත. ඒවා ප්‍රතිඔක්සිකාරක වලින් ද පොහොසත් ය.
ඔසප් වීමට දින 2-3කට පෙර සිටම කොත්තමල්ලි කුඩු ටිකක් වතුර වීදුරුවකට දාල උදේට හිස්බඩ බොන්න.
මෙයින් ඔබේ රුධිර වහනයත් ක්‍රමවත්ව සිදු කරනවා
ඉඟුරු සහ කුරුඳු
වේදනාව අඩු කිරීමට ඉඟුරු සහ කුරුඳු සමත්. ඉඟුරු තේ සෑදීම සඳහා, ප්‍රමාණයේ ඉඟුරු කැබැල්ලක් සහ කුරුඳු මිනිත්තු 5 ක් උණු වතුරේ දමා පානය කරන්න
නමුත් පමණට වඩා ඉඟුරු භාවිතය බඩ දැවිල්ල ඇති කරයි
යෝගට් (ප්‍රොබොටික්)
ඔසප් කැක්කුම සමනය කිරීම සඳහා හොඳම කැල්සියම් වලින් පිරී ඇත.
PMS වර්ධනය වීමේ අවදානම 40% කින් අඩු කරයි.
ප්‍රොබියොටික් යෝගට් වල නිරතුරුවම සෞඛ්‍ය සම්පන්න පෝශණය මෙන්ම ආහාර ජීර්ණ පද්ධතියකට සහාය වන “මිත්‍රශීලී” බැක්ටීරියා අඩංගු වේ. එය බඩේ ඉදිමීම( Abdominal Bloating) ලිහිල් කිරීමට උදව් කරයි.
Dark Chocholate
චොකලට් යනු මැග්නීසියම් හොඳ ප්‍රභවයක් වන අතර එය මනෝභාවයන්( Mood swings)වෙනස් කිරීමට පමණක් නොව සෙරොටොනින්/Serotinine එනම් ප්‍රීතිමත් හෝමෝනය නියාමනය කිරීමටද උපකාරී වේ.
පොල් වතුර
පොල් වතුරේ ඇත විටමින් C සහ යකඩ රුධිර වහනය අඩු කිරීමට උපකාරී වේ. ප්‍රධාන වශයෙන් එය බිඳෙන රුධිර නාල නැවත යතා තත්වයට පත් කරයි.
යකඩ ඌනතාවය වළක්වයි.
එහි අති සින්ක්; හෝමෝන සමතුලිතතාවයට සම්බන්ධ වන අතර ඩිම්බ කෝෂ උත්තේජනය කිරීමට උපකාරී වේ. එසේම, බොහෝ කාන්තාවන්ට ඔවුන්ගේ දෛනික කටයුතු කරගෙන යාමට ඉඩ සලසමින් දරුණු ඔසප් වේදනාව ලිහිල් කිරීමට සින්ක් ඵලදායී වේ.
මැග්නීසියම් ; උදරයේ කැක්කුම, විඩාව සහ නුරුස්නා බව ඇතුළුව PMS රෝග ලක්ෂණ සමනය කරයි.
පොටෑසියම් : PMS සමඟ සම්බන්ධ වී ඇති ඉදිමීම, පියයුරු වල වේදනාව, පාචනය, , තෙහෙට්ටුව සහ ආහාර රුචිය සමනය කරයි
ඔබ පොල් වතුර අධික ලෙස පරිභෝජනය නොකළ යුතුය, විශේෂයෙන් ඔබ සංවේදී නම් හෝ පොල් වතුර සංයෝග සමඟ අන්තර්ක්‍රියා කරන සමහර ඖෂධ ගන්නේනම්.
කෙසෙල්
කෙසෙල් යනු විටමින් B6 ඉහළ මාත්‍රාව නිසා ඔබට ආහාරයට ගත හැකි හොඳම මනෝභාවය වැඩි කරන ආහාරයකි. ඔවුන් පොටෑසියම් සහ මැග්නීසියම් වලින් පොහොසත් වන අතර එමඟින් ජලය රඳවා තබා ගැනීම සහ ඉදිමීම අඩු කළ හැකිය.
දොඩම් සහ ලෙමන්
ඔබේ ඔසප් කාලය තුළ වැඩි විටමින් ප්‍රමාණයක් ලබා ගැනීමට සහ සීනි ආශාව අඩු කිරීමට වැඩි පලතුරු අනුභව කරන්න. පැඟිරි පලතුරු විශේෂයෙන් හොඳයි. විටමින් වලට අමතරව, ඒවායේ තන්තු හා ජලය විශාල ප්‍රමාණයක් අඩංගු වන අතර එමඟින් ඔබේ ශරීරය විජලයෙන් ආරක්ෂා කරන අතර ඔබේ ජීර්ණය නිසි පරිදි සිදු වේ. එපමණක්ද නොව, ඔසප් වීම හා සම්බන්ධ ඔක්කාරය හා අනෙකුත් අප්රසන්න තත්වයන් සමනය කිරීම සඳහා පැඟිරි පලතුරු හොඳයි.
ඔබගේ ඔසප් රුධිරයේ වර්ණය සම්බන්ධයෙන් ඔබ දැනගත යුතු දේ.
ඔසප් කාලය තුල පිටවන රුධිරයේ වර්ණය කාලය සමඟ වෙනස්වීම සාමානයයි
· තද රතු , දුඹුරු, කළු ලෙස රුධිරය පිටවන්නේ නම් ඒ ඔක්සිජන් සමඟ ඇතිවන ප්‍රතික්‍රියාවක් නිසා විය හැකියි
· දීප්තිමත් රතු හෝ තද රතු හෝ තද දුඹුරු.
ඔබගේ ඔසප් වන කාලය අනුව මෙම වර්ණ වලට මාරු වීම සාමාන්යයි. පරිණත ඩිම්භය;ඩිමභ කෝෂයෙන් පිටවීමෙදී( 14 වැනි දින) තද දුඹුරු පැහැයෙන් තිබිය හැක. ගර්භනී මුල් කාලයේදී ලා පාටින් රුධිර පිටවීමක් සිදුවේ
· රෝස සිට ලා රෝස හෝ සුදු
ඔසප් චක්‍රය ආරම්භය හෝ අවසානයේදී රෝස පැහැයට හුරු පැහැයක් ගැනීම සාමාන්යයි.
නමුත් ඔසප් වාර කිහිපයකම මෙලෙස දිස් වන්නේ නම් එහ් ඔබෙ ඊස්ට්‍රජන් මට්ටම අඩු වී අති නිසා විය හැකිය. වෛද්‍යවරයකු මුණගැසෙන්න.
ඔසප් අවධියෙන් තොර අතිවන්නාවූ රෝස පැහැ යෝනි ශ්‍රාවයක් පවතින්නේනම්
වෛද්‍යවරයා හමුවිය යුතුයි.
ඒ ගැබ්ගෙල පිළිකා තත්වයක් නිසා විය හැකිය.
· අළු පාට
ආසාදනය තත්වයක් නිසා වියහැකිය.මීට අමතරව වේදනාව, උණ, යෝනි මාර්ගයෙන් පිටවන දුගඳ ඇත්නම් වෛද්‍යවරයකු හමුවන්න
ගර්භනී සමයේ ඇතිවන අළු පැහැ රුධිර පිටවීම ගබ්සා වීමක් විය හැකිය
·ඔබේ ඔසප් දිනවල 2-3 දිනයන්හිදී රුධිර කැටි ගැසීම් ලෙස රුධිරය පිටවීම සාමාන්‍ය දෙයක් වන අතර ගැඹුරු රතු හෝ කළු පැහැයක් ද දිස් විය හැකිය
ඔබගේ ඔසප් අවධියේ රුධිරයේ වර්ණය වෙනස් වීම ගැන කරදර විය යුතු දෙයක් නොවේ. නමුත්
· ඔබේ ප්‍රවාහයේ පරිමාව( scanty or Excessive Flow)
· චක්‍රයේ දින ගණන වෙනස් වීම( shorter than 24 days or Longer than 38 days)
· අධික වේදනාව
· මාස 3ක් යනතුරු එක දිගට ඔසප් නොවීම
· අක්‍රමවත් ලේ ගැලීමක්( Bleeding between periods) කෙරෙහි අවධානය යොමු කරන්න, මේවා පවතින රෝගී තත්වයන් නිසා විය හැක.
කොපමණ කාලයකින් සනීපාරක්ෂක තුවා මාරු කල යුත්තේද?
කාන්තාවන් මධ්‍යස්ථ ඔසප් රුධිර පිටවන දිනවලදී අවම වශයෙන් සෑම පැය 6 ත් 8 ත් අතර කාලයකට වරක් තම පෑඩ් මාරු කිරීම අනුමත කරනු ලැබේ.
නමුත් ඔබේ ප්‍රවාහය වඩා වැඩි නම්, ඔබට එය නිතර මාරු කිරීමට අවශ්‍ය විය හැකිය. ඔබට පෑඩය මතින් තෙතමනයක් දැනෙනවා නම්, මෙයින් ඇඟවෙන්නේ ඔබ ඔබේ පෑඩ් ප්‍රමාණවත් ලෙස මාරු නොකරන බවයි.
ඔබ අවශ්ය පරිදි පෑඩය මාරු නොකිරීමෙන් යෝනි මාර්ගයේ බැක්ටීරියා ආසදනය සිදු විය හැකියි. ඔසප් දින වලදී පිරිසිදුව සිටීම අතිශය වැදගත්.
ඔබටත් ඔසප් වේදනාව වැඩිද? • ඔසප් චක්‍රය අක්‍රමවත්ද
byNimesh.com
•
0
