පිරිමි අයට sex කරන්න ආදරය ඕන නැද්ද මේක වෙනස් වෙන අවස්ථා නැද්ද ?

පිරිමි අයට sex කරන්න ආදරය ඕන නැද්ද මේක වෙනස් වෙන අවස්ථා නැද්ද ? Sex කරන්න පිරිමින්ට ආදරය ඕන නැහැ කියනවානේ.. මේ කාරණය ගැන මනෝ විද්‍යාත්මක ලෙස පැහැදිලි කිරීමක් මේ. පිරිමි අයට sex කරන්න ආදරය අවශ්‍ය නැහැ කියන එක විද්‍යාත්මකවත් මානසිකවත් සම්පූර්ණ සත්‍ය නොවේ. සමහර අවස්ථාවල පිරිමි අයට sex කරන්න ආදරය අවශ්‍ය නැති වෙන්න පුළුවන්. සමහර අවස්ථාවල sex කරන්න ආදරය අත්‍යවශ්‍ය වෙනවා. ඒක පුද්ගලයා වයස, මානසික තත්ත්වය, සම්බන්දතාවය සහ ජීවත් වන අවධිය අනුව වෙනස් වෙනවා. පිරිමින්ට ආදරය නැතුව sex කරන්න පුළුවන් කියන්නේ ඇයි. 01 ජීව විද්‍යාත්මක හේතු.... Testosterone වැඩි වීම නිසා ලිංගික දිශානතිය චිත්තවේග වලින් වෙන් වෙලා ක්‍රියාත්මක වෙන්න පුළුවන් ඉඩ කඩ වැඩි වීම. 02 දෘශ්‍යමය සහ භෞතික උද්දීපනය චිත්තවේගීය බැදීමකින් තොරව සිද්ධ වෙන්න පුළුවන් වීම. සමාජයෙන් හුරුපුරුදු වූ දේවල් නිසා. පිරිමි ශක්තිමත් ඒ නිසා හැඟීම්බර වෙන්න ඕන නැහැ. 🤨 ලිංගිකත්වය කියන්නේ අවශ්‍යතාවයක් ආදරය කියන්නේ දුර්වල තැනක්. මේවා බොහෝ පිරිමි අයට පොඩි කාලෙම මනසට කාවැදිලා තියනවා. 03 චිත්තවේගීය මග හැරීම. ආදරය කියන්නේ අවදානමක්. වද වේදනා විදින්න බය නිසා sex use කරනවා සම්බන්දතාවයක් නැතුවම. 💝 නමුත් පිරිමියකුට ආදරයක් නැතුව sex කරන්න පුළුවන්ද හැම විටම. නෑ බොහෝ පිරිමින්ට දිගුකාලීන සබදතාවලදී වයසින් වැඩි වෙද්දී චිත්තවේගීය ආරක්ෂාව තියන partner කෙනෙක් එක්ක ලිංගිකත්වය චිත්තවේගීය සම්බන්දතාවයක් වෙන්න ගන්නවා. මෙතනදී විශ්වාසය, සෙනෙහස, චිත්තවේගීයව දකින්න අවශ්‍ය වීම. මේවා නැතුව ලිංගිකත්වය හිස් වෙලා යාන්ත්‍රිකව feel වෙන්නත් පුළුවන්. 🤜 මේ තත්ත්වය වෙනස් වෙන අවස්ථා මොනවද? පිරිමි කෙනෙක්ට sex කරන්න ආදරය වැදගත් වෙන්න පටන් ගන්නෙ.. පරණ චිත්තවේගීය තුවාල සනීප වෙන්න පටන් ගනිද්දී.. වයස අවුරුදු 30 40 වෙන්න ගනිද්දී. Sex වලට වඩා සම්බන්ධතාවය තමයි වැදගත් කියලා තේරුම් යද්දී. 🤜 වැදගත් දේ මෙන්න මේක.. පිරිමි අයට sex කරන්න ආදරය ඕන නැහැ කියන එක ඇත්තක් නෙවෙයි, ඒක ලිංගික අවශ්‍යතා ඉටු කර ගැනීමට හදා ගත්ත එකක්. ඒක වේදනාවන් බාදාවන් මග හැර යන ක්‍රමයක්. ඒක සමීපවීම තවදුරටත් පාලනය කරන්න දරන උත්සාහයක්. සමහරවිට කම්පනයකින් ගැලවීම සදහා යොදා ගනු ලබන උපක්‍රමයක්. සමහරපිරිමි අයට... sex කියන්නේ ආශාවක් sex කියන්නේ ආරක්ෂාවක් sex කියන්නේ ආදරයක්.... 🫵එකම පිරිමියකුට ජීවිතයේ එක් එක් කාලවලදී මේ තුනම අදාල වෙන්න පුළුවන්. අවශ්‍ය වෙන්න පුළුවන්.. 🙃ආදරය නැතුව sex කරන පිරිමි අයට පස්සේ මොකද වෙන්නේ... ඉක්මනින් නොදැනුනත් දිගුකාලීන බලපාන්නේ මෙහෙමයි. 🙃ආරම්භයේදී... ලිංගික නිදහසක් හිමිවීම.. මමත්වයට වටිනාකමක් එක් වීම.. තනිකම පාලුව යම් කාලයකට අඩුවීම.. 🥲නමුත් පසු වෙද්දී චිත්තවේගීයව බිද වැටෙන්න පුළුවන් මෙන්න මේ හේතු නිසා.. Sex තිබුණට ආදරයක් නැහැ, සම්බන්ධතාවයක් නැහැ. මට මොනවා හරි අඩුයි කියලා නොපැහැදිලි දේවල් දැනෙන්න පුළුවන්. සම්බන්දතා ඇති කර නොගෙන ඉන්න තත්වයට මානසිකත්වය ශක්තිමත් වෙනවා. මට කවුරුත් ඕන නැහැ මට ආදරය ඕන නැහැ වගේ සහ සම්බන්දතා පැවැත්වීම දුර්වල වෙන්න පුළුවන්.. 🥲සමීප වීම් බැදීම් ආදරය වේදනාවක් කියලා මොළය ඉගෙන ගන්නවා. ආදරය කිරීම තවත් කෙනෙක් එක්ක ඉන්න එක තව කෙනෙක් ගැන වගකීමක් ගන්න එපා වදයක් හිසරදයක් දැනෙන්න පුළුවන්. සමීප වීම් වළක්වන්න ලිංගිකත්වය පමණයි කියන රටාව නැවත් නැවත ඇති වෙන්න ගන්නවා. මම මෙයා ඇසුරු කරන්නේ sex කරන්න විතරයි. Sex and benefit no attachment 😏 මේ දේවල් වලට ඇබ්බැහි වෙන්න පුළුවන්.. ආශාවන් ඇති වෙන්න නැවත නැවත අලුත් partner කෙනෙක් ඕන වෙන්න පුළුවන් සහ එකම කෙනාගෙන් උනත් නව්‍යාතාවයක් අලුත් අලුත් දේවල් බලාපොරොත්තු වීම වෙන්න පුළුවන්. මේක ඉතාමත් සංකීර්ණ සහ භයානක තත්ත්වයක්. උදාහරණයක් ලෙස treesome. 😉එක සබදතාවයකින් සෑහීමකට පත් නොවීම. 🤔 ලැජ්ජා විරහිත චක්‍රයකට ගොදුරු වෙන්න පුළුවන්.. බාහිර පුද්ගලයන් ගැන අධික විශ්වාසය. තමන්ගේ ලිංගික ආශාවන් ගැන ප්‍රසිද්ධ කිරීම සමාන ආශාවන් ඇති යුවලවල් සෙවීම. මට කවුරුත් ඇත්තටම දැනෙන්නේ නැහැනේ කියන හැඟීම ඇති වීම. 😉 හැම පිරිමියටම මෙහෙම වෙන්නේ නැද්ද නෑ... පැහැදිලි සීමාවන් තියන.. අවංක අපේක්ෂාවන් තියන.. තමා පිළිබඳ අවබෝධයක් තියන.. පිරිමි අයට අනියම් ලිංගිකත්වය මනෝ විද්‍යාත්මකව ස්වාභාවික වෙන්න පුළුවන්.. නමුත් 🤫 මතක හොදින් මතක තබා ගන්න.... Sex use කරන්නේ හැඟීම් වළක්වා ගන්න නම් හානියක් වෙන්න පුළුවන්..

Post a Comment

Previous Post Next Post